පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව
පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව
ගාල්ල කිව්වාම වැඩිදෙනෙකුට මතක් වෙන්නේ මුහුදු වෙරළේ නිවාඩුව ගත කරන්න හොඳ ප්‍රදේශයක්. නමුත් ගාල්ල වඩාත්ම ප්‍රසිද්ධ නම් මුහුදු වෙරළවල් වලටත් වඩා සුවිසල් ගාලු කොටුව නිසයි. යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තැනකුත් හිමි කරගෙන තියෙන පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව අලංකාරත්වයෙන් වගේම ඓතිහාසික වැදගත්කම අතිනුත් සුවිශේෂී ස්ථානයක්.
ගාල්ලේ පිහිටා තියෙන කොටු පවුර මුලින්ම ඉදිකෙරුවේ මේ ප්‍රදේශය පාලනය කරපු පෘතුගීසි ජාතිකයන් වුණත් අද තියෙන තත්වයට ඉදි වුණේ ලන්දේසි පාලන සමයේදී. 18 වැනි ශතවර්ෂයේ ඔවුන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන අවධියේ ප්‍රධානම වරායක් වුණු ගාලු වරයාට ආරක්ෂාව සපයන්න මේ කොටු පවුර ඉදිවුණා. ඉස්සර කාලේ ගාලු කොටුව ඇතුලේ ඉදිවුණු මහේශාක්‍ය ආරක්ෂිත නගරය අද දකින්න නොතිබුණත් අදටත් දකින්න ලැබෙන තද කළු පාට සුවිසල් බිත්ති සහිත කොටු පවුර, ඉපැරණි ප්‍රදීපාගාරය, ගල් කැබලි ඇල්ලූ මං මාවත්, ඔරලෝසු කණුව සහ අතීත ගෘහ නිර්මාණ ලක්ෂණ ඇති ගොඩනැගිලි අදටත් ශ්‍රී ලංකාව අධිරාජ්‍යයන්ගේ පාලනය යටතේ තිබුණු තත්වයේ ප්‍රතිමූර්තීන් වගේ.
යුනෙස්කෝ සංවිධානයට අනුව “යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම සහ දකුණු ආසියානු සම්ප්‍රදායන් වල අසාමාන්‍ය සංකලනයක් වන ගාලු කොටුව දකුණු හෝ ගිණිකොනදිග ආසියාවේ යුරෝපීයයන් ඉදි කරනු ලැබූ, දැනට ඉතිරිව පවතින සමකළ නොහැකි මට්ටමේ” බලකොටු නගර වලින් එකක්. වසර සිය ගණනක් පුරාවට අව්වෙන්, වැස්සෙන් පීඩා සිදු වුණත් සංරක්ෂණ ක්‍රියාමාර්ග නිසා ගාලු කොටුව අදටත් ඉතා සුරැකිව පවතිනවා. අතීතයේ ගාල්ලට මුහුද පැත්තෙන් එල්ල විය හැකි කාලතුවක්කු ප්‍රහාර වලින් පවා ආරක්ෂා වෙන විදිහට නිර්මාණය කෙරුණු ගාලු කොටුවට 2004 අවුරුද්දේ සුනාමියෙන් පවා ඒ තරම් හානියක් සිදු වුණේ නැහැ. හානි සිදු වුණු තැන් පවා ඉතා ඉක්මණින් පිළිසකර කෙරුණා
Galle Fort "ගාලු කොටුව" - Infinity Sri Lanka
Comments
Post a Comment