Posts

පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව

Image
                  පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව ගාල්ල කිව්වාම වැඩිදෙනෙකුට මතක් වෙන්නේ මුහුදු වෙරළේ නිවාඩුව ගත කරන්න හොඳ ප්‍රදේශයක්. නමුත් ගාල්ල වඩාත්ම ප්‍රසිද්ධ නම් මුහුදු වෙරළවල් වලටත් වඩා සුවිසල් ගාලු කොටුව නිසයි. යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තැනකුත් හිමි කරගෙන තියෙන පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව අලංකාරත්වයෙන් වගේම ඓතිහාසික වැදගත්කම අතිනුත් සුවිශේෂී ස්ථානයක්. ගාල්ලේ පිහිටා තියෙන කොටු පවුර මුලින්ම ඉදිකෙරුවේ මේ ප්‍රදේශය පාලනය කරපු පෘතුගීසි ජාතිකයන් වුණත් අද තියෙන තත්වයට ඉදි වුණේ ලන්දේසි පාලන සමයේදී. 18 වැනි ශතවර්ෂයේ ඔවුන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන අවධියේ ප්‍රධානම වරායක් වුණු ගාලු වරයාට ආරක්ෂාව සපයන්න මේ කොටු පවුර ඉදිවුණා. ඉස්සර කාලේ ගාලු කොටුව ඇතුලේ ඉදිවුණු මහේශාක්‍ය ආරක්ෂිත නගරය අද දකින්න නොතිබුණත් අදටත් දකින්න ලැබෙන තද කළු පාට සුවිසල් බිත්ති සහිත කොටු පවුර, ඉපැරණි ප්‍රදීපාගාරය, ගල් කැබලි ඇල්ලූ මං මාවත්, ඔරලෝසු කණුව සහ අතීත ගෘහ නිර්මාණ ලක්ෂණ ඇති ගොඩනැගිලි අදටත් ශ්‍රී ලංකාව අධිරාජ්‍යයන්ගේ පාලනය යටතේ තිබුණු තත්වයේ ප්‍රතිමූර්තී...

සිංහරාජ රක්ෂිත වනාන්තරය

Image
                      සිංහරාජ රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාව සතු ඓතිහාසික උරුමයේ ස්වභාවික උරුමයන්ගෙන් ප්‍රධානතම තැන ගන්න සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකා භූමිය තුළ ඉතිරි වී තියෙන, කිසිදිනක මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමකට ලක් නොවුණු, එකම ඉපැරණි ඝර්මකලාපීය සදාහරිත වැසි වනාන්තර ප්‍රදේශය විදිහට සැලකෙනවා. සිංහරාජ වැසි වනාන්තරය “මිනිසා හා ජෛවගෝලය” (Man and Biosphere) නැතිනම් MAB ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශයට පත් කෙරුණු ජෛවගෝල සංරක්ෂිතයක් විදිහටත්, යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙන එකම මේ වනාන්තරය දේශීය වශයෙන් වගේම අන්තර්ජාතිකවත් දරන වැදගත් කමට හොඳ සාක්ෂියක්.  1970 ගණන් වලදී  සිංහරාජ වනාන්තරයේ දැව ලබා ගැනීම සඳහා ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා. ඒ වගේම සිංහරාජයට අයත් අක්කර 2,500ක භූමි ප්‍රදේශය ඒ තුළ පවතින සියලු ශාක සහ සත්ව කොට්ඨාශ ආවරණය වෙන විදිහට සොබාදහම රැකගැනීමේ අන්තර්ජාතික සංගමයේ (IUCN) අන්තර්ජාතික ජෛවවිද්‍යාත්මක වැඩසටහන යටතේ (IUCN – IBP) දැඩි රක්ෂිතයක් බවට පත් කෙරුණා. සිංහරාජ වනාන්තරය සාරවත්ව වැවුණු හරිත...

සීගිරිය

Image
සීගිරිය සිංහ රොක්, සීගිරිය  (29 අගෝස්තු 2005)  සීගිරිය  (සිංහල: සීගිරිය). ප්රධාන පුරාවිද්යාත්මක අඩවිය ද එය ලෝක උරුම අඩවිය යුනෙස්කෝව විසින් 1982 දී, "සීගිරිය පුරාණ නගරය යන මාතෘකාව යටතේ, පැරණි නටබුන් ආරක්ෂා කරන ලදී කාශ්යප රජුගේ පාලන සමයේ ඉදි මාලිගාව. (477 - ක්රි.ව 495) පුරාණ මාලිගාව භූමියේ ඇතුළත වඩාත් සුවිශේෂී ජයග්රහණයක්, පුදුම සීගිරිය පර්වතය, ද ලයන් රොක්, එය දැඩි මැග්මා ප්ලග් දීර්ඝ වඳ වී සිට කැඳවා ගිනි කන්දක් ඛාදනය එය දැවැන්ත ලෙස සැරිසරයි. තැනිතලා ප්රදේශ පුරා.   සීගිරිය ඉතිහාසය ප්රාග් ඓතිහාසික යුගයේ සිට සීගිරිය භාවිත කර තිබෙනවා විය හැක.  ඒ වන විටත් ඒ පූර්ව 3 වැනි සියවසේ පමණ සිට ගල්-නවාතැන් ආරාමයක් විය.  ඒ තුළ ඇති ගල් ගුහා බැතිමතුන් විසින් පිළියෙළ කරන පරිත්යාග කරන ලදී.  පසුව කාශ්යප රජු ඒ වටා ඇති ගෙවතු හා මාලිගය ඉදිකරන ලදි.  කාශ්යප රජු මිය ගිය පසු, සීගිරිය එය අවසානයේ අත්හැර දමන, සහ එකම තවමත් බ්රිතාන්ය එක්ස්ප්ලෝරර්, ජොහන් විසින් 1907 දී නැවත සොයාගත්, කරන ලද දිනය, 14 වන සියවසේ දක්වා පැවිදි භාවිතය දක්වා මිනී වලවල්.  ...